කොළඹ: සමගි ජන බලවේගයේ (SJB) ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නෙයියාතම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් මහතා අද (දෙසැම්බර් 05) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය.
ඒ මහතා කථානායක ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ දිවුරුම් දීම සිදු කළේය.