කොළඹ: හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ මහතා අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් කොමිසම වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව බව වාර්තා වේ.
පසුගිය රජය සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇති බවට සඳහන් කරමින් අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.