2026 මාර්තු 26 බ්‍රහස්පතින්දා, 13:50
නවතම පුවත්

මනූෂට ඇප ලැබෙයි

ඊශ්‍රායල් රැකියා සදහා ශ්‍රමිකයින් යොමු කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට කැදවා අද සවස අත්අඩංගුවට ගත් හිටපු ඇමැති මනුෂ නානායක්කාරට ඇප ලැබී තිබේ.

ඊශ්‍රායල් රැකියා ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් පවත්වනු ලබන පරීක්ෂණයකට අදාලව ප්‍රකාශයක් ලබාදීමට අද දිනයේදී කොමිසම හමුවේ පෙනී සිටි හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

අලල්ස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව විසින් ඊශ්‍රායල් රැකියා ලබාදීම සම්බන්ධයෙන් වන පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි. එම පරීක්ෂණයට අදාලව තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලා සිටිමින් අපේක්ෂිත ඇප අයදුම්පතක් හිටපු ඇමැතිවරයා විසින් ගොනු කර තිබුණි. එම ඇප අයදුම්පත ඊයේ දිනයේදී ප්‍රතික්ෂේප වූ අතර ඒ අනුව අද දිනයේදී කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදෙන බව අධිකරණය වෙත දැනුම්දී තිබුණි. ඊට අමතරව අද දිනයේදී කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදෙන බවට ලිඛිත දැනුම්දීමක්ද කොමිසම වෙත කර තිබුණි.

කෙසේ වෙතත් ඊයේ සවස හිටපු ඇමැතිවරයාගේ නිවසට ගිය පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීම සදහා නිවෙස සෝදිසි කර තිබුණි.

ඒ අනුව අද උදෑසන කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි හිටපු ඇමැතිවරයා කොමිසම මගින් අත්අඩංගුවට ගත්තේය.

ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුම් ආරම්භවීමත් සමග ඊශ්‍රායල් රාජ්‍යයේ රැකියා සදහා වෙනත් රටවලින් ශ්‍රමිකයින් බදවා ගැනීම ආරම්භ කරනු ලැබුවේය. ඊශ්‍රායලය විසින් පවත්වන ලබන ලොතරැයි ක්‍රමවේදයක් අනුව ශ්‍රමිකයින් බදවා ගැනීම සිදු කරනු ලැබූ අතර මේ වන විට දස දහසකට අධික ශ්‍රමිකයින් පිරිසක් ඒ අනුව ඊශ්‍රායලය බලා පිටත්ව ගොස් තිබේ.

ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයින් විසින් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට එවා තිබේ. ඒ අනුව 2023 වසරේ සිට මේ දක්වා සෑම කාර්තුවකදීම ඊශ්‍රායලයේ සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන විදේශ විනිමය ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා පෙන්වා දෙයි. 2023 වසරේ අවසන් කාර්තු දෙකේදී පමණක් ඩොලර් මිලියන 35.3ක මුදලක් එවා තිබේ. 2024 වසරේදී කාර්තු හතරේදීම ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයින් ඩොලර් මිලියන 130.7ක මුදලක් එවා ඇත. 2025 මුල් කාර්තු දෙකේදී පමණක් ඩොලර් මිලියන 120.5ක මුදලක් එවා ඇත්තේ ඊශ්‍රායලේ සිටින ශ්‍රමිකයින්ය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories