මන්නාරම් දූපතේ මහජනතාව ඉදිරිපත් කළ පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින්, ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ බලධාරීන්ට දැනුම් දී තිබේ.
දිවයින පුරා පුනර්ජනනීය සම්පත් ව්‍යාප්ති සැලැස්මට අනුව ඉහළ සුළං විභවයක් සහිත ප්‍රදේශයක් වශයෙන් මන්නාරම දූපත හඳුනාගෙන ඇති අතර, ඒ සඳහා සුළං විදුලි ව්‍යාපෘති තුනක් සැලසුම් කර තිබුණි.
එම ව්‍යාපෘති අතරින් ‘තම්බපවනි’ සුළං විදුලි බලාගාරයේ මෙහෙයුම් කටයුතු 2021 වසරේ ආරම්භ කර ඇත.
අනෙක් ව්‍යාපෘති දෙක වන Windscape Mannar (Pvt) Ltd මෙගාවොට් 20ක සුළං විදුලි ව්‍යාපෘතියේ සහ Hayleys Fentons මෙගාවොට් 50 සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු පිළිවෙලින් 2025 දෙසැම්බර් මස සහ 2026 දෙසැම්බර් මස ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි.
ඒ අනුව, මෙම තීරණය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලද අතර, ඒ අනුව කටයුතු කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබා දීමට තීරණය කර ඇත.