සතොස ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් ලෑලි ආනයනය කිරීමේදී රජයට රුපියල් මිලියන 50කට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වී සිරදඬුවම් නියම වූ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් ලබන මාර්තු මස 09 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද 20 දින නියම කළේය. ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් අද කැඳවනු ලැබීය.
මෙම නඩුවට අදාළව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ද, නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් ද මීට පෙර අධිකරණය විසින් නියම කර තිබුණි. 2015 ජනාධිපතිවරණ සමයේදී සිදුවූ බව කියන මෙම වංචාව සම්බන්ධයෙන් නියම වූ දඬුවම්වලට එරෙහිව මොවුන් මෙම අභියාචනා ඉදිරිපත් කර ඇත.