2026 මාර්තු 27 සිකුරාදා, 17:49
නවතම පුවත්

අත්අඩංගුවට ගත් නීතිඥවරිය ගැන අධිකරණය දැනුම්දෙයි

ඇෆ්ගන් – පාකිස්තාන් දේශසීමා ගැටුම් විසඳා ගැනීමට සාකච්ඡා

මේ වසර තුළ දරුවන් පරිවාස ගතවීමේ අඩුවක් !

දරුවන්ට ශාරීරිකව පමණක් නොව වාචිකව දඬුවම් කිරීමත් වරදක් !

මනම්පේරිට නවාතැන් සැපයූ ලං.වී.ම. සේවකයෙකු අත්අඩංගුවට !

වසර තුනකට පසු ජපානය මරණ දඩුවම ක්‍රියාත්මක කරයි

ලොකු ලූණු මිල පහළට !

දේශීය ලොකු ලූණු කිලෝග්‍රාමයක තොග මිල රුපියල් 100 දක්වා පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ආනයනික ලොකු ලූණු වෙළෙඳපළ මිල ඒකාධිකාරී ලෙස පාලනය කරන බව ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවාවිතාරණ මහතා පැවැසීය. 2025 යළ කන්නයේ දේශීය ලොකු ලූණු අස්වැන්න වෙළෙඳපළට ගෙන ආවත්, මිල ස්ථායී කිරීමට ආණ්ඩුව මැදිහත්ව නැති බවත් එය ආණ්ඩුවට එරෙහි චෝදනාවක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙවර යළ කන්නයේදී හෙක්ටයාර් 2,000කට ආසන්න ප්‍රමාණයකින් ලොකු ලූණු වගා කර ඇති අතර මාතලේ, අනුරාධපුරය සහ මහවැලි කලාපවල ගොවි පවුල් 15,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම වගාවන්ට සම්බන්ධ වී ඇත.

ඔහු තවදුරටත් පැවැසූයේ, යළ කන්නයේ සමස්ත අස්වැන්න මාස දෙකකට පමණ ප්‍රමාණවත් වන අතර, ආනයනකරුවන්ද මාස දෙකකට ප්‍රමාණවත් තොග වෙළෙඳපළට නිකුත් කිරීමට සූදානම් කර ඇති බවයි. එමඟින් දේශීය ලොකු ලූණු මිල තවදුරටත් පහළ දැමීම ඔවුන්ගේ අරමුණ බව ද ඔහු සදහන් කළේය.

You will be interested

මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්

කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම