පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්රමයේ 10 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව 2025 දෙසැම්බර් 15 වැනි දින දක්වා දීර්ඝ කර තිබේ.
අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව දැනුම් දෙන්නේ, 2022, 2023 හෝ 2024 වර්ෂයන්හිදී උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් ලද ඉල්ලීම් සලකා බැලීමෙන් සහ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙනි.
මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත්, www.studentloans.mohe.gov.lk වෙබ් අඩවියට පිවිස මාර්ගගතව (Online) යොමු කළ හැකි බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.