හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුව ලබන පෙබරවාරි මස 10 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය අද (13) නියම කළේය.
මෙම නඩුව අද දින කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විය. එහිදී විනිසුරුවරයා තීන්දු කළේ නඩුවට අදාළ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය (Pre-trial conference) එදිනට පවත්වන ලෙසයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා ඇත්තේ හිටපු අමාත්‍යවරයා සහ හිටපු අධ්යක්ෂ ජෙනරාල්වරයා සිය ධුර කාලය තුළ රජයට පාඩුවක් වන පරිදි කටයුතු කිරීම ඇතුළු චෝදනා කිහිපයක් පදනම් කරගනිමිනි. නඩුවට අදාළ ඉදිරි විමර්ශන කටයුතු එදිනට සිදු කිරීමට නියමිතව ඇත.