2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:42
නවතම පුවත්

ලිබියාවේ යුද හමුදාපති ගුවන් අනතුරකින් මරුට

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ් මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන් පිරිසක් රැගත් පෞද්ගලික ජෙට් යානයක් තුර්කියේ අන්කාරා නුවර ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි සිටි සියලුම දෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදාපතිවරයා සමඟ හමුදාවේ ඉහළ තනතුරු දරන නිලධාරීන් සිව්දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇති බව වාර්තා වේ.

අන්කාරා නුවර සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් තිබූ මෙම යානය අනතුරට ලක්වීමට මොහොතකට පෙර එහි තාක්ෂණික දෝෂයක් පවතින බව නියමුවන් විසින් ගුවන් පාලක මධ්‍යස්ථානයට දැනුම් දී තිබේ. එම අවස්ථාවේදී යානයේ බර අඩු කර ගැනීම සඳහා ඉන්ධන ගුවනේදී මුදා හරිමින් යානය හදිසියේ ගොඩබැස්වීමට නියමුවන් දැඩි උත්සාහයක නිරත වූවද, එය සාර්ථක වීමට පෙර යානය අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදාපතිවරයා ඇතුළු දූත පිරිස තුර්කිය වෙත පැමිණ තිබුණේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා වූ විශේෂ සාකච්ඡා වාරයකට සහභාගී වීම සඳහාය. මෙම හදිසි අභාවය සම්බන්ධයෙන් දැඩි කම්පනය පළ කර ඇති ලිබියානු රජය, අල් හඩාඩ්ගේ වියෝව රටට පිරිමැසිය නොහැකි විශාල පාඩුවක් ලෙස හඳුන්වමින් දින තුනක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් තුර්කි බලධාරීන් සහ ගුවන් ගමන් ආරක්ෂණ ඒකක පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, අනතුරට හේතුව වූ තාක්ෂණික දෝෂය පිළිබඳව නිශ්චිත තොරතුරු ලබා ගැනීමට යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කිරීමට නියමිතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories