කොත්මලේ, මා වතුර ඉහළ ගම ප්‍රදේශයේ නායයෑමෙන් අතුරුදන් වී සොයාගත් පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමේ දුෂ්කර තත්ත්වයක් පවතින බව පීඩාවට පත් ප්‍රදේශවාසීහු පවසති.
නාය යෑමෙන් අතුරුදන් වූ පුද්ගලයන්ගේ මළ සිරුරු සොයා ප්‍රදේශවාසීන් විසින් මෙහෙයුමක් දියත් කර තිබුණි.
මේ අතර, කොත්මලේ ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයකින් බෙදා හරින ලදී.