පසුගිය නොවැම්බර් 07 වැනි දින කොටහේන, 16 වන පටුමග ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකළ විමර්ශනවලදී, 32 හැවිරිදි ආදුරුප්පුවීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම අපරාධය සිදු කිරීම සඳහා විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සමඟ සම්බන්ධ වී ක්‍රියා කළ බවය.
සැකකාරිය විසින් අපරාධකරුවන්ට මෝටර් රථයක් ලබා දීම සහ මරණකරු ගමන් ගන්නා මාර්ගය සම්බන්ධව තොරතුරු එම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාට ලබා දී ඇති බවට තොරතුරු හෙළි වී තිබේ.
සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.