කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ ආපනශාලාවක් ඉදිරිපිට සිදුවූ ගැටුමකින් එම ආපනශාලාවේ සේවකයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසයි.
මෙම ගැටුමට හේතුවී ඇත්තේ, අදාළ ආපනශාලාවට බීමතින් පැමිණි පිරිසක් ඇණවුම් කළ ආහාර ප්‍රමාදවීම හේතුවෙන් සේවකයින් සමඟ ඇති කරගත් බහින්බස්වීමක් බව වාර්තා වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවසුවේ එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් හටගෙන ඇති බවයි. අදාළ ගැටුම සම්බන්ධයෙන් ආපනශාලා පාර්ශ්වයෙන් කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබේ.
මෙම සිද්ධිය සිදුවන අවස්ථාවේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන එම ස්ථානයේ CCTV දර්ශන ඔස්සේ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.