2026 මාර්තු 21 සෙනසුරාදා, 15:48
නවතම පුවත්

මහනුවර පදික වේදිකා නිදහස් : අනවසර පදික වෙළෙඳුන් ඉවතට

මහනුවර මහ නගර සභාව විසින් මීට පෙර නිවේදනය කර තිබූ පරිදි, නගරයේ පදික වේදිකාවල අනවසරයෙන් රැඳී සිටි වෙළෙඳුන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරුණි. මහනුවර ප්‍රධාන නගරයට අමතරව පේරාදෙණිය සහ කටුගස්තොට යන නගරවල ද මෙම ඉවත් කිරීමේ කටයුතු සිදු වූ අතර, ඒ සඳහා නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ඇතුළු නගර සභා නිලධාරීන් සහ පොලිසිය එක්ව සිටියහ.

පසුගිය ජූලි මාසයේ සිටම මෙම අනවසර වෙළෙඳාම් ඉවත් කරන බවට නගර සභාව අවධාරණය කර තිබූ අතර, නගරයේ පවතින දැඩි රථවාහන තදබදය අවම කිරීම සහ පදිකයින්ට නිදහසේ ගමන් කිරීමට අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ. කෙසේ වෙතත්, මෙම ඉවත් කිරීම් හමුවේ පදික වෙළෙඳුන් සිය දැඩි අසතුට පළ කර ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ සිය ජීවනෝපාය දැඩි තර්ජනයකට ලක්ව ඇති බවයි.

තමන් ඉවත් කිරීමට විකල්පයක් ලෙස බෝගම්බර ප්‍රදේශයේ වෙළෙඳාම් කටයුතු සඳහා ස්ථානයක් වෙන් කර දී තිබුණද, එම ප්‍රදේශය ජනාකීර්ණ නොවන බැවින් ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් පවතින බව වෙළෙඳුන් පවසති. පාරිභෝගිකයින් වැඩි වශයෙන් ගැවසෙන නගර මධ්‍යයෙන් බැහැරව වෙළෙඳාම් කිරීම හරහා තමන්ගේ දෛනික ආදායම මුළුමනින්ම අහිමි වී යන බව ඔවුන්ගේ චෝදනාවයි.

මෙම තත්ත්වය හමුවේ නගරයේ පිරිසිදුකම හා විනය පවත්වා ගැනීමට ගන්නා පියවර අගය කරන පිරිස් මෙන්ම, පදික වෙළෙඳුන්ට සාධාරණ විකල්පයක් ලබා දිය යුතු බව පවසන පිරිස් අතර සමාජයේ විවිධ මතවාද ගැටෙමින් පවතී. නගර සභාව සඳහන් කරන්නේ නීති විරෝධී ඉදිකිරීම් සහ අනවසර රැඳී සිටීම් නගරයේ අලංකාරයට මෙන්ම පොදු ජනතාවට බාධාවක් බැවින් මෙම තීරණය වෙනස් නොකරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories