2026 මාර්තු 30 සඳුදා, 15:45
නවතම පුවත්

KING ඛාන්ට 59යි

” බොලිවුඩයේ කිං ” කිව්ව ගමන් මතකෙට එන්නෙ අපි කවුරුත් දන්න ශාරුක් ව . ශාරුක් කියන නමේ තේරුම ‘ කුමාරයෙක් වගේ මුහුණක් ඇති ‘ කියනඑක . නමට ම ගැළපෙන සුන්දර රූ සපුවකින් හෙබි ශාරුක් බොලිවුඩයේ විතරක් නෙමෙයි මුළු ලෝකයේම ජන හදවත් මේ වෙනකොට වශී කරගෙන හමාරයි . ඉතිං ලෝකෙම ආදරේ කරන කින් ඛාන් ට අද අවුරුදු 59 ක් සපිරෙනවා .

ශාරුක් උපදින්නේ 1965 නොවැම්බර් දෙවෙනිදා . බොහෝ දෙනෙක් හිතාගෙන හිටියට ශාරුක් බොලිවුඩය තුළ ජනප්‍රිය වෙන්නේ සිනමාව හරහා කියලා , ඔහු මුලින්ම පුංචි තිරයේ ‘ ෆාවුජ් ‘ හෙවත් සොල්දාදුවා කියන ටෙලිකතා මාලාවේ සොල්දාදුවෙකුගේ චරිතය තුළිනුයි රංගනයට මුලින්ම පිවිසෙන්නේ . ඉන් අනතුරුව දීවානා චිත්‍රපටියේ සහය නළුවෙකුගේ චරිතයට පණපොවන්න ඔහුට අවස්ථාව ලැබෙනවා . අද වෙද්දි කවුරුත් දන්න ශාරුක් ගෙ සිනමා ගමන ආරම්භ වෙන්නේ ඔන්න ඔය විදිහටයි .

ඉන් පස්සේ බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් දීවානා , බාසිගර් , දාර් යන චිත්‍රපටි හරහා බොලිවුඩයේ තරුවක් වී ස්ථාවරත්වයට පැමිණෙන්න ඔහුට හැකි වෙනවා . කොහොම උනත් උනත් ඔහු ඒ චිත්‍රපටිවල නම් රඟපාලා තියෙන්නේ ප්‍රේමවන්තයාගේ චරිතය නෙවෙයි . දුෂ්ටයාගේ චරිතයටයි ඒ මුල් චිත්‍රපටිවලදී ඔහු රංගනයෙන් දායක වෙලා තියෙන්නේ . නමුත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එදත් අද වගේම දුෂ්ටයෙක් වුණ ශාරුක්ට ත් වහවවැටිලා තිබුණා .

කාලයක් තිස්සේ බොලිවුඩයේ දුෂ්ටයා වෙලා හිටපු ශාරුක් පෙම්වතාගේ චරිතයට අවතීර්ණ වෙන්නේ දිල්වාලේ දුල්හානියා ලේ ජායෙගී චිත්‍රපටිය හරහා . ඩොලර් මිලියන 1.2 ක ආදායම් වාර්තාවක් පිහිටවපු මේ චිත්‍රපටිය එදා මෙදා තුර හින්දි සිනමා ඉතිහාසයේ වැඩිම කාලයක් තිරගත වෙච්ච චිත්‍රපටිය විදියටත් වාර්තා වෙලා තියෙනවා . ලොව පුරා කාන්තාවන්ගේ වගේම පිරිමින්ගේ ආකර්ෂණයත් ශාරුක් කියන සිනමා ප්‍රේමවන්තයාට ලැබෙන්නෙ ඉන් අනතුරුවයි .

ශාරුක් ගේ සිනමා ගමන තුළ ඔහු විසින් රංගනයෙන් දායක වෙච්ච කුච් ‍කුච් ‍හෝතා හේ (1998), චක් ‍දේ ඉන්දියා (2007), ඕම් ශාන්තී ඕම් (2007) සහ රබ් නේ බනා ඩි ජෝඩී (2008) කියන නිර්මාණ ෂාරුක්ව හදවත්වල ළැඟුම් ගන්න හේතු කාරණා වුණා කිව්වොත් හරි.
ඉන් එහාට කබි කුෂි කබිගම් (2001), කල් ‍හෝ නා හෝ (2003), වීර්-සාරා 2004) සහ කබි අල්විදා නා කෙහෙනා (2006) යන චිත්‍රපට ඒ ඒ වර්ෂවලදී වැඩිම ආදායම් ඉපැයූ ඉන්දියානු චිත්‍රපට අතර වනවා .

ෂාරුක් කියන්නෙ, නළුවෙක් පමණක් ම නොවූ බහුශ්‍රැත චරිතයක්.එහෙමත් නැත්නම්, ශාස්ත්‍රඥයෙක්.ආර්ථික විද්‍යාව පිළිබඳව ඔහු සිය මූලික උපාධිය සම්පූර්ණ කරන්නෙ දිල්ලි විශ්වවිද්‍යාලයෙන් බව කියවෙනවා. පසුව ඔහු ශාස්ත්‍රපති උපාධිය හැදෑරීමට තෝරාගත්තත් කලක් එය අතරමග ඇණහිටි බවත් සඳහන්.ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, ෂාරුක් ඛාන් හට ලොව විවිධ විශ්වවිද්‍යාලයන්හි ගෞරව උපාධි ත්‍රිත්වයකුත් හිමියි.ඒ මෙල්බර්න් හි ලා ට්‍රෝබ් විශ්වවිද්‍යාලයෙන්, Bedfordshire විශ්වවිද්‍යාලයෙන් (2009) සහ Edinburgh විශ්වවිද්‍යාලයෙන් (2015).එහෙම ඔහුට ආචාර්ය උපාධි පිරිනැමෙන්න හේතු කාරණා ගණනාවක් ම තියෙනවා.ඒ අනුව,
බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඔහුට ආචාර්ය උපාධියක් පිරිනමා තිබුණේ කලා හා සංස්කෘතිය පිළිබඳව

ශාරුක් ප්‍රේමවන්තයෙක් වෙන්නේ සිනමාව තුළ විතරක් නෙවෙයි . ඔහුට හරි ආදරණීය ප්‍රේමවන්තියක් සැබෑ ජීවිතය තුළත් මුණගැහිලා තියෙනවා . ඇය තමයි ගෞරී . ගෞරී ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදකවරියක් වගේම විලාසිතා නිර්මාණකාරිනියක් ලෙසත් කටයුතු කරනවා . හය වසරක ප්‍රේම කතාවකින් පසුව විවාහය දක්වාත් එතැන් පටන් අද වෙනකන් ආර්යයන් සුහානා සහ ඒබ්‍රහම් කියන ආදරණීය දරුවන් තිදෙනකුගෙන් යුක්ත සොඳුරු පවුලක් දක්වාත් සාර්ථක ගමනක් ශාරුක් ඇවිත් තියෙනවා .

ඉතින් තමන්ගේ සිනමා ගමනත් සැබෑ ජීවිතයත් එක ලෙසටම සාර්ථක කර ගත්තු ශාරුක් ට මේ අවුරුදු 59 ට ආඩම්බර වෙන්න කාරණා නොසෑහෙන්න තියෙනවා . නොමියෙන ආදරයකට හිමිකම් කියන බොලිවුඩයේ කිං ඛාන් ට තව කොයිතරම් කාලයක් ගතවුණත් සැබෑ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව හිමිවේවි .

පවනි වාසනා

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories