2026 මාර්තු 20 සිකුරාදා, 07:22
නවතම පුවත්

KDU එකට අලුත් සිවිල් සිසුන් බඳවා ගන්න බැහැ – අර්බුදය ඇති කලේ පෙර රජය

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට (KDU) එහි පනතට අනුව සිවිල් සිසුන් බඳවා ගැනීමට දැනට නොහැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද ප්‍රකාශ කළාය. මෙම අර්බුදයට හේතුව පෙර රජයන් විසින් ගනු ලැබූ අත්තනෝමතික තීරණ බව ඇය පැවසුවාය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එහි මුල් අරමුණු සමඟ සමපාත වන පරිදි ජාත්‍යන්තර ආරක්ෂක විශ්වවිද්‍යාලයක් බවට පරිවර්තනය කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. පවතින නීතිය සංශෝධනය කිරීමට සහ මේ සඳහා විශ්වවිද්‍යාලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ආයෝජන සිදු කිරීමට පියවර ගනිමින් සිටින බව ඇය සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිනිය පැවසුවේ,

“කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින විශ්ව විද්‍යාලයක්. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ Z අගය හරහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ළමයින් බඳවා ගැනීමක් සිදු වෙන්නේ නෑ. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි තිබෙනවා ක්‍රමවේදයක්. ඒ හරහා තමයි ළමයින් බඳවා ගන්නේ. එක් අවස්ථාවක 2019දී Z අගය තුළින් ඇති වූ සුවිශේෂ තත්ත්වයක් නිසා වෛද්‍ය පීඨයට වැඩිපුර ශිෂ්‍යයන් 100ක් ඇතුළත් කළා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ Z අගය හරහා. ඒ ශිෂ්‍යයන්ට මුදල් භාණ්ඩාගාරයෙන් වියදම් කළා.

දැනට පවතින පනත අනුව කොතලාවල විශ්ව විද්‍යාලයට සිවිල් ශිෂ්‍යයන් ඇතුළත් කිරීමට හැකියාවක් නෑ. ඒකේ යම් සංශෝධනයක් අවශ්‍ය වෙනවා. ඒ පනත හරියට ක්‍රියාත්මක කරනවා නම් බරපතළ අර්බුදයක් ඇතිවෙලා තිබෙනවා සමාජයේ තුළත්. මේවා පසුගිය ආණ්ඩු ඉතාමත් අත්තනෝමතික විදියට හිතෙන හිතෙන වෙලාවට දේවල් කරන නිසා ඇති කරලා තියෙන අර්බුද. මේ අර්බුද අපිට එකින් එක විසඳන්න වෙලා තියෙනවා. කොතලාවල විශ්ව විද්‍යාලයේ අරමුණ බැලුවොත් මිලිටරි කැඩෙස්ලා පුහුණු කිරීමේ අරමුණත් එක්ක තමයි සර් ජෝන් කොතලාවල ඉඩමත් ප්‍රදානය කරලා තියෙන්නේ. නමුත් අද වන විට විවිධ හේතු නිසා ඒ කෙඩෙට් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවෙලා තියෙනවා. අපි යෝජනා කරනවා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ජාත්‍යන්තර මට්ටමින් ආරක්ෂක විශ්ව විද්‍යාලයක් බවට පත් කළ යුතුයි”

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories