ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් සිල්වා හොංකොං පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
ඔහුගේ මෙම පත්වීම එළඹෙන ආසියානු කුසලාන තරඟාවලියට පෙර සිදු වන වැදගත් පියවරක්. හොංකොං ක්‍රිකට් පිල සැප්තැම්බර් 09 වන දින ඇෆ්ගනිස්ථානය සමඟින් තරග වදිමින් ආසියානු කුසලානය ආරම්භ කිරීමට නියමිතයි.
කෞෂාල් සිල්වා, 2011 සිට 2018 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 39කට ක්‍රීඩා කර තිබෙනවා. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු 2019 සිට ඔහු ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කර තිබේ.
අවුරුදු 39ක් වන ඔහු ජාත්‍යන්තර කණ්ඩායමක ප්‍රධාන පුහුණුකාර තනතුරක් දරන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.