කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ (BIA) විසින් ශ්‍රී ලංකා ගුවන් ගමන් බලපත්‍ර හිමියන් සඳහාම සුවිශේෂී ලෙස ස්වයංක්‍රීය දේශසීමා පාලන (ABC) ඊ-ගේට්ස් (e-Gates) හඳුන්වා දී තිබේ. මෙම නවීන තාක්ෂණය හඳුන්වාදීම ශ්‍රී ලංකාවේ සුහුරු සංචාරණ සහ ඩිජිටල් දේශසීමා කළමනාකරණය කරා යන ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම ඊ-ගේට්ස් පහසුකම මගින් මගීන්ට ආගමන කවුන්ටරවල රැඳී සිටින කාලය අවම කරමින්, වඩාත් වේගවත් සහ ආරක්ෂිත ආගමන විගමන නිෂ්කාශන අත්දැකීමක් ලබා දෙනු ඇති බව ගුවන් තොටුපොළ බලධාරීහු සඳහන් කරති.
නව පහසුකම භාවිත කිරීමට සුදුසුකම් ලබන සංචාරකයින්ට පූර්ව ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය වේ. මෙම පහසුකම භාවිතා කිරීම සඳහා අනුගමනය කළ යුතු සරල පියවර තුනක් පවතී. පළමුව, සංචාරකයින් එක් වරක් ලියාපදිංචි වීම (One-time registration) සිදු කළ යුතුය. ඉන් අනතුරුව, දෙවන පියවර ලෙස අවශ්‍ය ජෛවමිතික දත්ත ලබා දීම (Obtain required biometrics) සිදු කෙරේ.
අවසාන වශයෙන්, ලියාපදිංචි වූ මගීන්ට තුන්වන පියවර යටතේ කිසිදු බාධාවකින් තොරව ඊ-ගේට්ස් හරහා තම සුහුරු ගමන ආරම්භ කළ හැකිය (Start your smart travel through e-gates). මෙම නව ක්‍රමවේදය මගින් ගමන් කටයුතු වඩාත් කාර්යක්ෂම කරනු ඇති අතර, එය මෙරට ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ගේ ගමන් අත්දැකීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරනු ඇත.