කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් රංගජීව මුණසිංහ මහතා අද (21) අසනීප තත්වයේ පසුව සිටිය දී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 47 වන වියේ පසු විය.
ව්‍යායාම සඳහා ඇවිදීමට අද පෙරවරු 6ට පමණ ගිය අවස්ථාවේදී මුණසිංහ මහතා ඇද වැටී ඇති අතර, දැඩි ආසාධ්‍ය තත්වයේ පසුවීමේ හේතුවෙන් බොරකන්ද ප්‍රාදේශීය රෝහලට ගෙන ගිය පසු මිය ගිය බව වාර්තා වේ.
දැනටමත් ඔහුගේ මෘත දේහය රෝහලේ මෘත ශාලාවට තැන්පත් කර ඇති අතර නිශ්චිත මරණ හේතුව මෙතෙක් හෙළි වී නැත.
මුණසිංහ මහතා, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී බොරකන්ද කොට්ඨාශයෙන් තරඟ කළේ ය. එහිදී ජනමනාපය දිනා ගනිමින් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය හිමි කර ගත්තේය.
දේශපාලනය සඳහා සක්‍රීය දායකත්වය ලබාදුන් ඔහු, බොරකන්ද ප්‍රදේශයේ ජනතා ආදරය දිනා පුද්ගලයෙකි.