පසුගිය 11 වැනිදා සවස කරණ්දෙණිය කොටවෙල ප්‍රදේශයේදී මවක සහ පුත්‍රයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අසල්වැසි නිවසක පදිංචි වන අතර, නීතිවිරෝධී මත්පැන් ජවාරමට නියුතු අයෙකු සහ කපා කොටා ප්‍රදේශවාසීන් බිය වැද්දීම්වලට සම්බන්ධ නඩු පවතින අයෙකු බව පොලීසිය සඳහන් කරයි.
මේ වන විට මියගිය දෙදෙනාගේ මෘතදේහ ඥාතීන්ට භාරදී ඇති අතර, අද සවස ඔවුන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.