කොළඹ: මහනුවර සිට කොළඹ බලා පැමිණෙන දුම්රිය මගීන් සඳහා හෙට, දෙසැම්බර් 08 වැනිදා, අලුයම සිට විශේෂ බස් රථ යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව (NTC) පවසයි.
එම විශේෂ බස් රථවල දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය (Season Ticket) භාවිත කරමින් ගමන් කිරීමේ හැකියාව පවතින බව එහි සභාපති පී. ඒ. චන්ද්‍රපාල මහතා වැඩිදුරටත් පැවසීය.
විශේෂ බස් සේවය
- වේලාවන්: උදෑසන 4.00, 4.15 සහ 4.30 ට, දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර සහිත මගීන් සඳහා පමණක් වූ මෙම ප්‍රවාහන සේවාව සැපයීමට කටයුතු කර ඇත.
- අමතර බස්: මෙම බස් රථ ප්‍රමාණවත් නොවන්නේ නම් අමතර බස් රථ ද ප්‍රවාහනය සඳහා යොදා ගැනීමට නියමිතය.
කොළඹ – නුවර පොදු ප්‍රවාහනය යළි ඇරඹේ
- කොළඹ සහ නුවර අතර පොදු ප්‍රවාහන සේවා කටයුතු ද හෙට සිට ආරම්භ කිරීමට නියමිත බව සභාපතිවරයා සඳහන් කළේය.
- තෝරාගත් මාර්ගය: මෙම ප්‍රවාහනය සඳහා මගීන් වෙනුවෙන් සුරක්ෂිත මාර්ගය ලෙස තෝරාගෙන ඇත්තේ:නුවර, කටුගස්තොට, ගලගෙදර, හතරලියද්ද, රඹුක්කන, කරඬුපන, කෑගල්ල, පස්යාල හරහා කොළඹ දක්වා දිවෙන බස් රථ මාර්ගයයි.