කලාවැවේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් අද (දෙසැම්බර් 04) පෙරවරු 9ට එහි වාන් දොරටු දෙකක් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
අදාළ වාන් දොරටු අඩි 4 බැගින් විවෘත කිරීමට කටයුතු කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.
මේ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.