දිවයිනට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 12කට අයත් පවුල් 2,609ක පුද්ගලයන් 10,553ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙම අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගල මරණ 04ක් ද සිදු වී තිබෙන බවට වාර්තා වේ.
එමෙන්ම නිවාස 387කට අර්ධ හානි සිදුවී ඇති අතර, නිවාස 02කට පූර්ණ ලෙස හානි සිදුවී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පවුල් 36කට අයත් පුද්ගලයන් 152 දෙනෙක් ඥාති නිවෙස්වල රැඳී සිටින බවයි. තවත් පුද්ගලයන් 30 දෙනෙක් තිඹිරිගස්යාය ප්‍රදේශයේ ආරක්ෂිත ස්ථානයක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.