2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 14:46
නවතම පුවත්

කැඩුණු පාරවල් හදපු බව කියන ව්‍යාජ සටහන් පෙළක්

ජීවිත රැසක් බිලි ගත් ආපදා තත්ත්වය පැවති දින කිහිපයේදී මෙන්ම පශ්චාත් ආපදා සමයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ නොමඟ යවන සුළු සටහන් සංසරණය වීම සිදුවෙමින් තිබේ. ආපදා තත්ත්වය හමුවේ මෙරට දුම්රිය සහ මහා මාර්ග පද්ධතියට දැඩි හානි සිදුවිය. එලෙස හානි වූ මාර්ග යථාවත් කර ඇති බව කියමින් සංසරණය වන සටහන් පෙළක් පිළිබඳව කළ කරුණු පරීක්ෂාවකින් අනාවරණය වූයේ ඒවා ව්‍යාජ බවයි.

ප්‍රකාශය 1: පේරාදෙණිය කළු පාලම දින කිහිපයකින් ප්‍රතිසංස්කරණය කිරීම

සමාජ මාධ්‍ය සටහන්වල සඳහන් වූයේ, “මතකද ඉස්සර මාස ගණන් යන projects අද දවසින් දෙකෙන් කරපුවාම පාට පක්ෂ බේදයකින් තොරව අගයන්නම ඕනි” යන තේමාව යටතේ, පේරාදෙණිය පාලම ගංවතුරින් හානියට පත් වීමෙන් පසු ඉකුත් 29 වැනිදා පැවති තත්ත්වය සහ පසුගිය 6 වැනිදා වන විට පාලම සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර ඇති බවය.

කරුණු පරීක්ෂාව:

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සඳහන් කළේ, පාලම මත තිබූ කුණු කසල ඉවත් කර පවිත්‍ර කර අවසන් වුවත්, පාලම තාවකාලිකව නඩත්තු කිරීමට සුදුසු තත්ත්වයක නොමැති බවයි. බොහෝවිට මෙම ස්ථානයේ නව පාලමක් ද්විත්ව මාර්ගයක් ලෙස ඉදි කිරීමට සැලසුම් කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.

සරසවි උයන දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු ද තහවුරු කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්වල සත්‍යතාවක් නොමැති බවයි. පාලමේ කණු වටේ රැඳී ඇති ගස් ආදිය ඉවත් කිරීම නාවික හමුදාවේ මැදිහත්වීමෙන් සිදුවෙමින් පවතින බවත්, ඊළඟට ගත යුතු පියවර තීරණය වන්නේ ඉන් පසුව බවත් ඔහු කියා සිටියේය.

තවද, ප්‍රතිසංස්කරණය කර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය AI (කෘත්‍රිම බුද්ධිය) පරීක්ෂක මෙවලම් වෙත යොමු කිරීමේදී පැහැදිලි වූයේ, එය කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

ප්‍රකාශය 2: හානි වූ මහා මාර්ග ඉතා කෙටි කාලයකින් ප්‍රතිසංස්කරණය කිරීම

සමාජ මාධ්‍ය සටහන්වල “කැඩුනා හැදුවා යමු ඉස්සරහට නවතින්න කාලයක් නැහැ” යනුවෙන් සඳහන් කරමින් ගංවතුරින් හානි වූ මාර්ගයක සහ ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයක ඡායාරූප සහිතව, මහා මාර්ග ඉතා කෙටි කාලයක් ඇතුළත ප්‍රතිසංස්කරණය කර ඇති බවට ප්‍රකාශ කර තිබුණි.

කරුණු පරීක්ෂාව:

මූලිකවම දින කිහිපයක් ඇතුළත මෙලෙස මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ බවට කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තාවක් නොතිබිණි. තවදුරටත් කළ කරුණු පරීක්ෂාවේදී අනාවරණය වූයේ, හානියට පත් මාර්ගයේ ඡායාරූපය පසුගියදා සිදුවූ ගංවතුර හමුවේ හානි වූ මාර්ගයක ඡායාරූපයක් නොව, 2024 ජුනි 23 වැනිදා අකුරැස්ස, අතුරලිය ප්‍රදේශයට බලපෑ ගංවතුරෙන් පසු ගත් ඡායාරූපයක් බවයි.

එම ඡායාරූපය ලබාගත් මාධ්‍යවේදී ප්‍රියන්ත දසනායක මහතා ද තහවුරු කළේ, එය වසරකට පමණ ඉහතදී සිදුවූ නායයෑමකට අදාළ ඡායාරූපයක් බවත්, ප්‍රතිසංස්කරණය කර ඇති බව කියමින් සංසරණය වන ඡායාරූපය එම ස්ථානයේ සැබෑ ඡායාරූපයක් නොවන බවත්ය.

තවද, ප්‍රතිසංස්කරණය කරන ලද මාර්ගයේ බව කියමින් පළ කර ඇති ඡායාරූපය ද AI පරීක්ෂක මෙවලම් වෙත යොමු කිරීමේදී පැහැදිලි වූයේ, එය ද කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් බවයි.

ආපදාවෙන් හානි වූ දුම්රිය මාර්ග සහ මහා මාර්ග ඉතා කඩිනමින් ප්‍රතිසංස්කරණය කර ඇති බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන්, කෘත්‍රිම බුද්ධිය යොදා ගනිමින් සකසන ලද සමාජය නොමඟ යවන සුළු ව්‍යාජ සටහන් බව කරුණු විමර්ශනයෙන් තහවුරු වේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories