2026 මාර්තු 28 සෙනසුරාදා, 14:08
නවතම පුවත්

භාණ්ඩාගාර මුදල්වලින් පමණක් ව්‍යසනයට මුහුණ දෙන්න බෑ – ජනපති

ආපදා තත්ත්වයෙන් පසු විනාශ වී ගිය මහාමාර්ග, වාරිමාර්ග ඇතුළු යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම අරමුණු කරගෙන අරමුදල් සම්පාදනය කර ගැනීමට රාජ්‍ය – පෞද්ගලික අංශ ඒකාබද්ධ කරගත් මධ්‍ය කාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒඅනුව සියලුදෙනා දායක කර ගනිමින් අරමුදලක් ස්ථාපිත කිරීමටත්, අරමුදල කළමනාකරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය සහිත රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයෙන්ද සමන්විත ඒකාබද්ධ කළමනාකරණ කමිටුවක් පත් කිරීමටත් අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික අංශයේ ආයෝජකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (30) රාත්‍රියේ පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි.

මතුපිටින් පෙනෙන තත්ත්වයට වඩා විශාල විනාශයක් ගංවතුර සහ නායයාම් හේතුවෙන් රටට සිදුව ඇති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, භාණ්ඩාගාර මුදල්වලින් පමණක් එම ව්‍යසනයට මුහුණ දිය නොහැකි බවද පෙන්වා දුන්නා.

මේ සඳහා ආකාර කිහිපයකින් අරමුදල් සම්පාදනය කරගත හැකි බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක දේශීයව, විදේශගත ශ්‍රී ලාංකිකයන් මගින්, විදෙස් රටවලින්, ජාත්‍යන්තර සංවිධානවලින් මෙන්ම ව්‍යාපාරික සංගම් මගින් එම අරමුදල් සම්පාදනය කර ගැනීමට හැකියාව තිබෙන බවත්, එම කාර්යයන් මූලික වශයෙන් පත් කර ගන්නා ලද කමිටුවට පැවරෙන බවත් සඳහන් කළා.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ට ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යාංශයේලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණවර්ධන, හේලිස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ, ජොන් කීල්ස් සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, එයිට්කන් ස්පෙන්ස් නියෝජනය කරමින් ආචාර්ය පරාක්‍රම දිසානායක, බ්‍රැන්ඩෙක්ස් සමූහ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories