විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට සේවා කාලය නිමා කරන ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලි චන්ග් මහත්මිය අතර නිල හමුවක් අද (16) කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි.
සිය ධුර කාලය අවසන් කර නැවත ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිත තානාපතිනියට සුභාශිංසන එක් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම හමුවේදී, පසුගිය කාලසීමාව පුරාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇය ලබාදුන් සහයෝගය විපක්ෂ නායකවරයාගේ ඇගයීමට ලක්විය.
ශ්‍රී ලංකාවේ අභියෝගාත්මක අවස්ථාවලදී තානාපතිවරියක ලෙස ඇය ඉටුකළ සේවය කිසිදා අමතක කළ නොහැකි බවත්, ඒ වෙනුවෙන් සමස්ත ලාංකිකයන් වෙනුවෙන් සිය ගෞරව පූර්වක ස්තූතිය පිරිනමන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.