ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (සැප්තැම්බර් 29) දින ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා මහතා හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම සාකච්ඡාවේදී දෙරටේ ආර්ථිකය, ආයෝජන, සංවර්ධන සහයෝගිතාව සහ ආරක්ෂාව ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව අවධානය යොමු කිරීමට අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයා සමඟ මෙම සාකච්ඡාව සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිතය.