යාපනය විශ්වවිද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ලේ වහලය මත තිබී ගිනි අවි සහ උණ්ඩ තොගයක් සොයා ගෙන තිබේ.
ඊයේ (ඔක්තෝබර් 31) දිනයේ සිදුකළ පරීක්ෂාවේදී T56 ගිනි අවියක්, මැගසින් දෙකක්, කුඩා බෝම්බ තුනක් සහ T56 පතොරම් 175ක් සොයා ගෙන ඇති බව පොලීසිය පැවසීය.
එහි තිබී සේලයින් බෝතල් 05ක් ඇතුළු ප්‍රථමාධාර උපාංග ද හමුවී පොලිස් භාරයට ගෙන තිබේ.