නේපාලයේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබූ ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය දින 90ක කාලයක් රඳවාගෙන පුළුල් ලෙස ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී ඇත.
පොලීසිය විසින් ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම දීර්ඝ කාලීන රඳවා තබා ගැනීමේ නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.
මේ අතර, කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) නිලධාරීන් ඇයගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට සමත්ව තිබේ. ඒ අනුව, සැකකාරිය භාවිත කළ ජංගම දුරකථනය ගම්පහ ප්‍රදේශයේ වළ දමා තිබියදී සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසයට හැකි වී ඇත.