2026 මාර්තු 20 සිකුරාදා, 12:47
නවතම පුවත්

සංජීව ඝාතනයට ඉෂාරා, ගිනි අවිය දුන් හැටි

නේපාලයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙන ආ “ගණේමුල්ල සංජීව” ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් හය දෙනාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අද (ඔක්තෝබර් 16) දිනයේ රැඳවුම් නියෝග ලබා ගන්නා බව පොලීසිය ප්‍රකාශ කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ වුට්ලර් සඳහන් කළේ, සැකකරුවන් අද අධිකරණය වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බවයි. ඉෂාරා සෙව්වන්දි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙතත්, සෙසු පුද්ගලයන් ගංගොඩවිල ඇතුළු අධිකරණ වෙතත් ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිරීමටද අපේක්ෂිතය.

අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ගණේමුල්ල සංජීව ඝාතනය කළ දින අධිකරණ භූමියේ සිදුවූ වැදගත් සිදුවීමක් සම්බන්ධයෙන් පොලීසිය හමුවේ තොරතුරු හෙළි කර තිබේ.

ඇය පවසා ඇත්තේ, තමා නීතිඥවරියක් ලෙස සැරසී එදින උසාවියට ගොස් ගණේමුල්ල සංජීව රැගෙන එන තෙක් නීතිඥවරුන් වෙනුවෙන් වෙන් කර තිබූ විවේකාගාරයේ රැඳී සිටි බවයි. එම අවස්ථාවේදී එහි පැමිණි කාන්තාවක් නඩුවකට පෙනී සිටින ලෙස තමාගෙන් ඉල්ලූ බවද ඇය සඳහන් කර තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් තුළ සඟවා රැගෙන විත්, වෙඩික්කරු වූ සමිදු නැමැත්තාට ඉෂාරා සෙව්වන්දි විසින් අධිකරණ භූමියේ පඩිපෙළක් මතදී ලබා දී ඇති බවයි. ගිනි අවිය ඉනේ ගසා ගත් සමිදු, ඉෂාරා සෙව්වන්දි සමඟ අධිකරණ ශාලාවට ගොස් නීතීඥවරුන් අසුන් ගන්නා ස්ථානයේ වාඩි වී තිබේ.

ගණේමුල්ල සංජීව විත්ති කූඩුවට නැගි අවස්ථාවේදී වෙඩික්කරු විසින් වෙඩි තබා ඇති අතර, පසුව ඔවුන් දෙදෙනාම “සංජීවට වෙඩි තබනවා” යැයි කෑ ගසමින් අධිකරණ භූමියෙන් පිටතට දිව ගොස් ඇති බව ඉෂාරා සෙව්වන්දි විමර්ශන නිලධාරීන්ට පවසා ඇත.

නේපාලයේ බක්තපූර් දිස්ත්‍රික්කයේ මහල් නිවාසයක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් ඉෂාරා ඇතුළු හය දෙනා ඊයේ පස්වරුවේ මෙරටට රැගෙන ආ අතර, මෙලෙස දිවයිනට රැගෙන ආ අනෙක් සැකකරුවන් අතර ජැෆ්නා සුරේෂ්, ජේ.කේ. බායි, ගම්පහ බබා, නුගේගොඩ බබී සහ තක්ෂි යන අය වෙති.

ඔවුන් දැඩි ආරක්ෂාවක් යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය සහ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත යොමු කරන ලදී. ජේ.කේ බායි මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පිටමං කිරීමේ ප්‍රධාන ජාවාරම්කරුවෙක් වන අතර, මෙම අපරාධකරුවන් සියලු‍ දෙනාටම මෙරටින් පළා යෑමට ඔහු සහාය දී ඇති බව අනාවරණය වී තිබේ. ඒ වෙනුවෙන් කෙහෙල්බද්දර පද්මේ විසින් රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය තොගයක් ඔහුට ලබා දී ඇත.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලු‍ගලගේ ප්‍රධානත්වයෙන් නේපාලයට ගිය කණ්ඩායමක් එරට පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදීය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories