සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි හෙට (ඔක්තෝබර් 16) දිවයිනට රැගෙන ඒමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
පොලිස් ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ, ඇය ඇතුළුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හය දෙනා දිවයිනට රැගෙන ඒම සඳහා නිලධාරීන් කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව ගොස් ඇති බවය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය සහ නේපාල පොලීසිය එක්ව ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම සැකකරුවන් හය දෙනා ඊයේ (ඔක්තෝබර් 14) නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙක් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙක් බව වාර්තා වේ.
ගණේමුල්ල සංජීව නැමැති සංවිධානාත්මක අපරාධකරු ඉකුත් පෙබරවාරි මස 19 වන දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී වෙඩි තබා ඝාතනය කෙරිණි.