ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි, තවත් විමර්ශන කටයුත්තක් සඳහා අද (18) දිනයේත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබේ. ඇය මේ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
මේ අතර, ඇයට සැඟවී සිටීමට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයෙක් තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගම්පහ බබා කෙහෙල්බද්දර පද්මේගේ ජාලය ගැන හෙළි කරයි
සැකකාර ඉෂාරා සෙව්වන්දිගෙන් ප්‍රශ්න කිරීම් සිදුවන අතරතුර, කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන ‘ගම්පහ බබා’ නැමැත්තාගෙන් ද වැදගත් තොරතුරු අනාවරණය වී ඇත.
ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, කෙහෙල්බද්දර පද්මේගේ පියාගෙන් පද්මේව හඳුනාගත් බවයි. තවද, තමන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිටි බවද ඔහු විමර්ශන නිලධාරීන් හමුවේ හෙළි කර තිබේ.
ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය, පද්මේගේ උපදෙස් මත තමන් සතුව තබාගත් බවද මෙම සැකකරු වැඩිදුරටත් පවසා ඇත.