2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඊයේ (01) Mumbai Indians හා Rajasthan Royals කණ්ඩායම් අතර පැවැත් විය.
එහි දී තරගයෙන් ලකුණු 100 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Mumbai Indians කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය Rajasthan Royals කණ්ඩායම දිනාගත් අතර, පළමුවෙන් පන්දුවට පහරදීමට Mumbai Indians කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 217 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Rajasthan Royals කණ්ඩායමට පන්දුවාර 16 යි එක් පන්දුවක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 117 ක් පමණයි.



