2026 මාර්තු 20 සිකුරාදා, 08:06
නවතම පුවත්

IPL වෙන්දේසියේ දෙවන දිනය අද

සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අදයි.

වෙන්දේසියේ පළමු දිනය අවසන් වන විට ක්‍රීඩකයින් 72ක් වෙන්දේසියේ දී අලෙවි වී තිබුණා.

එලෙස අලෙවි වූ ක්‍රීඩකයින් අතර විදෙස් ක්‍රීඩකයින් 24 දෙනෙකි.

වෙන්දේසියේ පළමු දිනය වූ ඊයේ (24) දිනයේ දී ක්‍රීඩකයින් මිල දී ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දහය ඉන්දීය රුපියල් කෝටි 467.95ක මුදලක් වැයකර ඇත.

ඉන් අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලක් ගෙවමින් ඉන්දීය ක්‍රීඩක රිෂබ් පාන්ට්ව මිල දී ගන්නට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම කටයුතු කළේය. ලක්නව් කණ්ඩායම පාන්ට්ව මිල දී ගන්නට වැයකළ මුදල ඉන්දීය රුපියල් කෝටි 27කී.

ඊට අමතරව ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර් සඳහා ද මෙවර වෙන්දේසියේ දී ඉහළ මිලක් හිමි වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලක් ගෙවා මිල දී ගත්තේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් මහිෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ඊයේ දිනයේ දී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබිය.ඔවුන් දෙදෙනාම මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කිරීම විශේෂත්වයකි.

එමෙන්ම වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළ ලංසු මුදලක් හිමි වූ විදෙස් ක්‍රීඩකයා බවට එංගලන්ත ක්‍රීඩක ජෝෂ් බට්ලර් පත් වූ අතර, ඔහුට ඉන්දීය රුපියල් කෝටි 15.75ක ලංසු මුදලක් ගෙවන්නට ගුජරාට් ටයිටන්ස් හිමිකරුවන් කටයුතු කළේය.

මේ අතර වෙන්දේසියේ පළමු දිනය වූ ඊයේ දිනයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ක්‍රීඩකයින් අතුරින් අලෙවි නොවූ ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 12කි.

එලෙස අලෙවි නොවූ ක්‍රීඩකයින් අතර ඩේවිඩ් වෝනර්, ජොනී බෙයාර්ස්ටෝව් වැනි ක්‍රීඩකයින් ද සිටීම විශේෂත්වයකි.

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් 10 විසින් ක්‍රීඩකයින් 204 දෙනෙක් මිල දී ගැනීමට නියමිතය.

වෙන්දේසිය දෙවන දිනට අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමතය.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories