2025 අගෝස්තු 16 සෙනසුරාදා, 16:30
නවතම පුවත්

IPL වෙන්දේසියේ දෙවන දිනය අද

සෞදි අරාබියේ ජෙඩා හිදී පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසියේ දෙවන දිනය අදයි.

වෙන්දේසියේ පළමු දිනය අවසන් වන විට ක්‍රීඩකයින් 72ක් වෙන්දේසියේ දී අලෙවි වී තිබුණා.

එලෙස අලෙවි වූ ක්‍රීඩකයින් අතර විදෙස් ක්‍රීඩකයින් 24 දෙනෙකි.

වෙන්දේසියේ පළමු දිනය වූ ඊයේ (24) දිනයේ දී ක්‍රීඩකයින් මිල දී ගැනීම වෙනුවෙන් කණ්ඩායම් දහය ඉන්දීය රුපියල් කෝටි 467.95ක මුදලක් වැයකර ඇත.

ඉන් අයි.පී.එල් ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලක් ගෙවමින් ඉන්දීය ක්‍රීඩක රිෂබ් පාන්ට්ව මිල දී ගන්නට ලක්නව් සුපර් ජයන්ට් කණ්ඩායම කටයුතු කළේය. ලක්නව් කණ්ඩායම පාන්ට්ව මිල දී ගන්නට වැයකළ මුදල ඉන්දීය රුපියල් කෝටි 27කී.

ඊට අමතරව ඉන්දීය පිතිකරු ශ්‍රේයාස් අයියර් සඳහා ද මෙවර වෙන්දේසියේ දී ඉහළ මිලක් හිමි වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 26.75ක මුදලක් ගෙවා මිල දී ගත්තේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.

මේ අතර මෙවර ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 19 දෙනෙක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් මහිෂ් තීක්ෂණ සහ වනිඳු හසරංග ඊයේ දිනයේ දී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරනු ලැබිය.ඔවුන් දෙදෙනාම මිල දී ගන්නට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කටයුතු කිරීම විශේෂත්වයකි.

එමෙන්ම වෙන්දේසියේ පළමු දිනයේ දී ඉහළ ලංසු මුදලක් හිමි වූ විදෙස් ක්‍රීඩකයා බවට එංගලන්ත ක්‍රීඩක ජෝෂ් බට්ලර් පත් වූ අතර, ඔහුට ඉන්දීය රුපියල් කෝටි 15.75ක ලංසු මුදලක් ගෙවන්නට ගුජරාට් ටයිටන්ස් හිමිකරුවන් කටයුතු කළේය.

මේ අතර වෙන්දේසියේ පළමු දිනය වූ ඊයේ දිනයේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ක්‍රීඩකයින් අතුරින් අලෙවි නොවූ ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 12කි.

එලෙස අලෙවි නොවූ ක්‍රීඩකයින් අතර ඩේවිඩ් වෝනර්, ජොනී බෙයාර්ස්ටෝව් වැනි ක්‍රීඩකයින් ද සිටීම විශේෂත්වයකි.

මෙවර අයි.පී.එල්. ක්‍රීඩක වෙන්දේසියේ දී කණ්ඩායම් 10 විසින් ක්‍රීඩකයින් 204 දෙනෙක් මිල දී ගැනීමට නියමිතය.

වෙන්දේසිය දෙවන දිනට අද මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ කිරීමට නියමතය.

නවතම පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...

උණුසුම් පුවත්

2iw
දේශබන්දුගේ ඇප තීන්දුව ලබන 20
2022 වසරේ අරලියගහ...
1iw
විදුලියේ වැඩකළ ඉංජිනේරුවන්ගෙන් 20% රට හැර ගිහින්!
පසුගිය වසර කිහිපය...
web train 16
Ella Weekend Express අද සිට
කොළඹ සිට බඳුල්ල...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...

දේශපාලන

trump web
ඇලෙස්කා සාකච්ජා අවසන් නැවත මොස්කව් වලදී
අමරිකා ජනාධිපති...
lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...

Categories