2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:30
නවතම පුවත්

IPL ඉතිහාසය වෙනස් කළ කවුද මේ වයිභව් සූර්යවංශි ?

2025 වසර සඳහා පැවති IPL වෙන්දේසියේදී 13 හැවිරිදි වයිභව් සූර්යවංශි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සඳහා ඉන්දීය රුපියල් කෝටි 1.10කට මිලදී ගැනීම සියලු දෙනා මවිතයට පත් කළ සිදුවීමක් බවට පත්ව තිබේ.

මේ සමග IPL තරග වාරයක ක්‍රීඩා කරන ළාබාලතම ක්‍රීඩකයා බවටද සූර්යවංශි පත් වෙයි.

බිහාර් හි මෙම තරුණ ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්දේසිය සඳහා ලියාපදිංචි වූයේ ඉන්දීය රුපියල් ලක්ෂ 30ක මූලික මිලකටය.

වයිභව් සූර්යවංශි යනු 13 හැවිරිදි ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

ඔහු බිහාර් ප්‍රදේශයෙන් පැමිණි අතර දේශීය ක්‍රිකට් තරගවලදී එම ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කරයි.

ඔහු වයස අවුරුදු 19න් පහළ ඉන්දීය බී කණ්ඩායමට ද ක්‍රීඩා කර ඇති අතර වයස අවුරුදු 19න් පහළ ටෙස්ට් තරගවල වේගවත්ම ශතකය වාර්තා කර ඇත.

2024 ඔක්තෝබර් මාසයේදී චෙන්නායි හි M.A චිදම්බරම් ක්‍රීඩාංගණයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව 19න් පහළ ටෙස්ට් තරගයකදී සිය මංගල ටෙස්ට් තරගයට එක්වෙමින් සූර්යවංශී පන්දු 58කින් ශතකයක් ලබා ගත්තේය.

දකුණත් පිතිකරුවකු වන වයිභව්ගේ එම ශතකය සඳහා හතරේ පහර 14ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

වයිභව් සූර්යවංශි 2024 ජනවාරි 5 වැනි දින පැට්නා හි මුම්බායි සමඟ පැවති රංජි කුසලාන තරඟයේදී බිහාර් වෙනුවෙන් ඔහුගේ පළමු පෙළ තරඟයට පිවිසියේය.

මේ සමග, ඔහු වයස අවුරුදු 12යි දින 284 දී සිය පළමු පෙළ මංගල තරගයට සහභාගී වූ සිව්වන ළාබාලතම ඉන්දීය ක්‍රීඩකයා බවට පත්විය.

වයිභව් සූර්යවංශි Cooch Behar කුසලානය සඳහා බිහාර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කර ඇති අතර එහිදී ඔහු එක් තරගයකදී ලකුණු 151 (128) රැස් කළේය.

මෙම යොවුන් පිතිකරුවාගේ එම ඉනිමට හතරේ පහර 22ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

දැන්, මෙම තරුණ ක්‍රීඩකයා IPL 2025 හි රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇති බැවින් ඔහුගේ පහර දීමේ හැකියාවන් ලොවට පෙන්වීමට හැකිවනු ඇත.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories