ඉන්දීය හමුදාපති ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (06) රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරය දෙරට අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් සිදු කෙරෙන්නකි.
තම සංචාරය අතරතුර ඉන්දීය හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් මෙන්ම ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ද හමුවීමට නියමිතව තිබේ. මෙහිදී දෙරටටම වැදගත් වන කලාපීය ආරක්ෂාව, හමුදා පුහුණු සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය ආරක්ෂක ගැටලු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
මීට අමතරව, ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මහතා සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) සහ බුත්තල යුද විද්‍යාලයේ නිලධාරීන් හා පුහුණුවන්නන් හමුවීමට ද සැලසුම් කර ඇත. එමෙන්ම කොළඹ පිහිටි ඉන්දියානු සාම සාධක හමුදා (IPKF) ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීම ද එතුමාගේ සංචාරයේ විශේෂ අංගයකි.