ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව සඳහා හදිසි වෛද්‍යාධාර රැගත් ඉන්දීය ගුවන් හමුදාවේ C-17A ගුවන් යානයක් ඊයේ (දෙසැම්බර් 02) පස්වරුවේ මෙරටට පැමිණ තිබේ.
මෙම ගුවන් යානයෙන් ඉන්දියානු වෛද්‍යවරුන්, හෙද හෙදියන්, උපස්ථායකයින් ඇතුළු ජංගම ආරෝග්‍යශාලා ඒකක 2ක් රැගෙනවිත් ඇත.
ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා විසින් මෙම වෛද්‍යාධාර තොගය නිල වශයෙන් භාර දෙන ලද අතර, යුද හමුදා අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් ටිරාල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් විසින් එය භාර ගනු ලැබීය.
හදිසි අවස්ථාවන්හි කඩිනමින් භාවිත කිරීම සඳහා නිර්මාණය කර ඇති අංගසම්පූර්ණ ක්ෂේත්‍ර රෝහල් ඒකක දෙකක් ද මෙම භාණ්ඩ තොගයට ඇතුළත් වේ. මෙම ඒකකවලින් එකක් වැලිමඩ ප්‍රදේශයෙහි ස්ථාපිත කිරීමට නියමිතය.
වෛද්‍යවරුන්, සර්වාංග සහ කායික රෝග විශේෂඥයින්, නිර්වින්දන වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයින් ඇතුළු වෛද්‍ය වෘත්තිකයන් 73 දෙනෙකු ආපදාවට පත් ජනතාව සඳහා සහාය ලබා දීමට ඉන්දියාවෙන් මෙරටට පැමිණ තිබේ.