ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නිර්දේශ අනුව 2025 වසරේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 8ක විදේශ සංචිතයක් ගොඩනගා ගත යුතු වුව ද, තවමත් ඇත්තේ ඩොලර් බිලියන 6.1ක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
2024 වසරේදී ඩොලර් බිලියන 6ක විදේශ සංචිතයක් තිබිය යුතු බව IMF නිර්දේශ කර තිබූ අතර, එම ඉලක්කය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ගොඩනඟා තිබූ බව ඔහු පෙන්වා දෙයි. එහෙත් 2025 ඉලක්කය වන ඩොලර් බිලියන 8 සපුරා ගැනීමට තවමත් හැකි වී නොමැති අතර, අලුතින් එකතු වී ඇත්තේ ඩොලර් බිලියන දශම එකක් පමණක් බව ද ගම්මන්පිල මහතා සඳහන් කරයි.
ඩොලරයේ අගය දැනටමත් රුපියල් 300 ඉක්මවා ඇති බව පෙන්වා දෙන ඔහු, සංචිත ඉහළ නංවා ගැනීමට මහ බැංකුව ඩොලර් මිලදී ගතහොත් ඩොලරයේ ඉල්ලුම තවත් වැඩි වී එහි වටිනාකම තවත් ඉහළ යනු ඇතැයි ද ප්‍රකාශ කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.