ඛනිජ සම්පත් හා පුනර්ජනනීය බල ශක්ති මත පදනම් වූ අපනයන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් මෙරට ණය IMF නොමැතිව ගෙවිය හැකි බව මෙවර ජනපතිවරණයට කොඩිය ලකුණෙන් තරග කරන ප්‍රකට බලශක්ති හා කර්මාන්ත ඉංජිනේරුවකු වන කීර්ති වික්‍රමරත්න මහතා පේරාදෙණිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ,
‘අහසින් වැටෙන එකම හිරු කිරණයක්වත් මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන අපතේ නොයවමු’ යන තේමාව මුල්කර ගතහොත් රටම ණයවන බලශක්ති පිරිවැය අඩු කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.තමන් එදා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති ලෙස සිටියදී රටම එළිය කළ සූර්ය බල සංග්‍රාමය නිර්මාණය කරන්නට දායක වු බවත්, මාෆියාවේ ප්‍රතිවිරෝධය මධ්‍යයේ වුවත් මෙගාවොට් 1000ක සූර්ය බලශක්තියක් ප්‍රධාන විදුලි බල ප්‍රවාහයට එක්කරන්නට එමගින් රුපියල් බිලියන 125ක් ඉතිරි කර දෙන්නට හැකිවූ බවත් ඔහු අවධාරණය කළා.මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති අපේක්ෂක කීර්ති වික්‍රමරත්න මහතා,”ලොව සුපිරිසිදු මිනිරන් නිධි තියෙන්නේ අපේ මහ පොළොවෙයි.. ‘රා ගෙදර මිනිරන් පතල’ ඊට හොඳ නිදසුනක්.කෘත්‍රිම බුද්ධිය හා ඩිජිටල් තාක්ෂණයට නැතිවම බැරි වටිනා ග්‍රැෆීන් නිපදවීම රා ගෙදර පතලෙන් අපි ආරම්භ කළා.. එයත් විනිමය උපයන මහ සම්පතකි.. එදා ඩොලර් අර්බුදය පැමිණීමට පෙර ප්‍රථම 9% පොලියකට ගත් විදෙස් ණය වෙනුවට 3.3%ක අඩු පොලියට ඩොලර් මිලියන 500ක විදෙස් ණය විදෙස් රටවල් හරහා රාජ්‍ය බැංකුවකට ලබාදීමට මට කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. ඊළඟට මැණික් සම්පත බලමු. අගය එකතු කළ මැණික් ආනයනයත් එහිලා වැදගත්. Fantacy cuts හා Treament යොදා අගය එකතු කොට ලෝක වෙළෙඳපොළ ජයගන්නට මැණික් අපනයනකරුවකු ලෙස මට අවස්ථාව සැලසුණා.. සුදු තිරුවානා සපයමින් අඩු මුදලට සූර්ය පැනල හදන්න පුළුවන්.. ඒවා අපි සාර්ථක කර ගත් ව්‍යාපෘති.. ඒ වගේම තේ කර්මාන්තයට ටර්බෝ ටාජර් හඳුන්වාදීම තුළින් බලශක්ති නිෂ්පාදන පිරිවැය අවම කරන්න පුළුවන්.. වාණිජ සම්පත් හා පුනර්ජනනීය බලශක්තිය මත පදනම් වූ අපනයන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් මනාව සැලසුම් කරගත හොත් රටේ ඒක පුද්ගල ආදායම ප්‍රශස්ත අගයකට ගෙන ඒමට හැකියි.. එවැනි දැක්මක් ඇති “එකම ජනපතිවරණ ඡන්ද අපේක්ෂකයා මමයි – තීන්දුව ජනතාවට භාරයි”.