2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:25
නවතම පුවත්

IMF තුන්වැනි වාරිකය පෙබරවාරි 28 !

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලය 2025 පෙබරවාරි 28 වැනි දින රැස්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය සාකච්ඡා කර අනුමත කිරීමට නියමිතය.

2024 නොවැම්බර් 23 වැනි දින ශ්‍රී ලංකාවේ EFF වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීහු කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණියහ.

IMF හි විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලද පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 333 ක පමණ මූල්‍යකරණයක් ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ EFF වැඩසටහනේ සිව්වැනි වාරිකය නිකුත් කිරීම එහි විධායක මණ්ඩලයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවත්, අනුමැතිය රඳාපවතින්නේ “වැඩසටහන යටතේ හඳුනාගත් පරාමිතීන්ට අනුකූල” 2025 අයවැය ඉදිරිපත් කිරීම ඇතුළුව පූර්ව ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම මත බවත් IMF මීට පෙර ප්‍රකාශ කර තිබිණි.

කෙසේවෙතත්, පෙබරවාරි 06 වැනි දින පැවැති IMF සතිපතා ජනමාධ්‍ය හමුවේදී, IMF ප්‍රකාශිකා ජූලි කොසැක් අවධාරණය කළේ, ශ්‍රී ලංකාවේ බලපොරෝත්තුසහගත ආර්ථික ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදෙන බවයි.

ඒ හරහා 2024 සිව්වන කාර්තුවේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 5.5 කින් ප්‍රසාරණය වූ බව ඇය සඳහන් කළාය.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සඳුදා (පෙබරවාරි 17) පාර්ලිමේන්තුවට සිය මංගල පූර්ණ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව, EFF වැඩසටහනේ තුන්වැනි සමාලෝචනය සඳහා වන IMF විධායක මණ්ඩල රැස්වීම පැවැත්වේ

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories