ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාව ලබා ඇති විශිෂ්ට ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතූ බවයි.
වීඩියෝ තාක්ෂණය හරහා ජනාධිපති අනුර දිසානායක මහතා හමුවීමෙන් පසු ඇයගේ ‘X’ ගිණුමේ සටහනක ඇය මේ බව සඳහන් කළාය.
ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම පිළිබඳව තමා ජනාධිපතිවරයා සමඟ කතා කළ බව ඇය තවදුරටත් පැවසුවාය.
එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම යටතේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණවල වැදගත්කම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ බව ඇය සිය ‘X’ ගිණුමෙන් දන්වා සිටියි.