ඉදල්ගස්හින්න, බෝව නීඩ්වුඩ් මාර්ගය අද (නොවැම්බර් 26) පෙරවරුවේ ගිලා බැස නාය යෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවතින අධික වර්ෂාවත් සමඟ මෙම මාර්ගයේ කොටසක් කඩාගෙන ගොස් ඇති අතර, මාර්ගය ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසීමට පටන් ගෙන තිබේ.
ඉදල්ගස්හින්න බෝව නීඩ්වුඩ් මාර්ගය හරහා දේශීය හා විදේශීය සංචාරකයින් වැලිමඩ සහ හල්දුම්මුල්ල ප්‍රදේශවලට සංචාරය සඳහා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගයකි.