2026 මාර්තු 24 අඟහරුවාදා, 15:57
නවතම පුවත්

හුරුළුවැවෙන් යළිත් පතොරම් තොගයක්

ගලෙන්බිඳුණුවැව හුරුළුවැව ප්‍රදේශයේදී නැවත වරක් පතොරම් තොගයක් සොයාගෙන තිබේ.

පසුගිය 11 වන දින සවස දියනෑමට පැමිණි තරුණයන් දෙදෙනෙකු විසින් ඔවුන් දියනෑමට පැමිණි තොටුපළ අසල තිබී උණ්ඩ තොගයක් දැක, ඒ සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට දැනුම් දී තිබුණි.

එම ස්ථානයේදී 11 වන දින පොලීසිය සිදුකළ පරීක්ෂාවේදී T 56 උණ්ඩ 21ක්, GPMG සහ MPMG අවිවලට භාවිතා කරන උණ්ඩ 33ක්, 9MM පිස්තෝල අවි සදහා භාවිතා කරන උණ්ඩවල හිස්කොපු 118ක් සහ දුම්බෝම්බයක් සොයාගැනීමට හැකි විය.

මේ පිළිබඳව තවදුරටත් අවධානය යොමු කළ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.එම්.ඩී.එන්.චතුරංග මුරමුදලි මහතා විසින් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කැඳවීමට කටයුතු කර තිබුණා.

ඒ අනුව, පොලිස් විශේෂ කාර්ය බලකායේ අනුරාධපුර කඳවුරේ නිලධාරින් අද (නොවැම්බර් 13) එම ස්ථානයේ සිදුකළ පරීක්ෂා කිරීමේදී ගල්වලට යටවී තිබූ තවත් T56 පතොරම් 49ක්, MPMG වර්ගයේ පතොරම් 12ක් සහ 9mm පිස්තෝල සදහා භාවිතා කරන උණ්ඩවල හිස් කොපු 08ක් සොයාගැනීමට හැකි විය. පොලීසිය සඳහන් කළේ මෙම පතොරම් මළකෑම නිසා භාවිතයට නුසුදුසු තත්ත්වයේ පවතින බවයි.

මෙම ස්ථානයෙන්ම පසුගිය ජූලි 23 වන දින ද හුරුළුවැව සදහා දියනෑමට පැමිණි තරුණයන් තිදෙනෙකුට ඔවුන් දියනෑම සදහා පැමිණි තොටුපළෙහි ආසන්නයේ ගල්ගොඩක තිබී ජීව උණ්ඩ කිහිපයක් දැක පොලීසිය දැනුවත් කර තිබුණි.

එදින ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී T 56 වර්ගයේ උණ්ඩ 10ක්, LMG වර්ගයේ උණ්ඩ 18ක්, අත්බෝම්බයක ගැලවී ඇති පින් 01ක් සහ T 56 වර්ගයේ පතොරම් ගැබක පතුල කොටසක් ඇතුළු ද්‍රව්‍ය සොයාගැනීමට හැකි විය.

එහිදී, ජූලි 25 වන දින STF නිලධාරින් සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීමේදී T 56 උණ්ඩ 53ක්, LMG වර්ගයේ පතොරම් 36ක් සහ වෙනත් වර්ගයේ පතොරම් කිහිපයක් සොයාගැනීමට හැකි විය.

අද (13) දින සොයාගත් පතොරම් තොගය මේ වන විට පොලිස් භාරයේ ඇති අතර, අධිකරණ නියෝගය යටතේ ඉදිරියේදී මෙම පතොරම් තොගය විනාශ කිරීමට කටයුතු කරන බව පොලීසිය පවසයි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ගලෙන්බිඳුණුවැව පොලීසිය විසින් සිදුකරනු ලබයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories