හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ බාහිර රෝගී අංශය (OPD) හෙට (දෙසැම්බර් 03) සිට යළි විවෘත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පසුගිය දිනවල පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් මෙම රෝහලේ සේවා සැපයීම තාවකාලිකව නතර කර තිබුණි.
ඊයේ (දෙසැම්බර් 01) වන විට රෝහලට විදුලි සැපයුම යළි ලබා දී ඇති අතර, අද (දෙසැම්බර් 02) දිනය තුළ ජල සැපයුම ද යළි ලබා දුන් බව හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිනේධ් කොග්ගලගේ මහතා සඳහන් කළේය.
එමෙන්ම, රෝහල තුළ හානියට පත්වූ සෙසු සියලු අංශ පියවරෙන් පියවර මහජන සේවා සඳහා යථාවත් කිරීමට හැකිවන පරිදි කඩිනමින් ස්ථාපිත කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.