දිගු කලක් තිස්සේ පවතින පුරප්පාඩු පියවීම වෙනුවෙන් රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුර සඳහා අලුතින් තෝරාගත් 213 දෙනෙකුට හෙට (27) දින පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. 2021 වසරේදී පැවැත්වීමට මුලින් සැලසුම් කර තිබූ මෙම බඳවා ගැනීමේ විවෘත තරග විභාගය අවසානයේ පවත්වනු ලැබුවේ පසුගිය 2025 වසරේදීය.
මෙම බඳවා ගැනීම් සඳහා මුලින් අවසර හිමිව තිබුණේ පුරප්පාඩු 226ක් සඳහා වුවද, විභාග ප්‍රතිඵල මත සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවූ 246 දෙනෙකු අතරින් 213 දෙනෙකු මෙම තනතුර සඳහා සුදුසුකම් ලබා ඇත. දැනට පවතින දත්තයන්ට අනුව රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව සඳහා අනුමත කාර්ය මණ්ඩලය 2,617ක් වුවද, මේ වන විට සේවයේ නිරතව සිටින්නේ නිලධාරීන් 1,906ක් පමණි. ඒ අනුව මෙම නව බඳවා ගැනීම් හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරේ.