නව තානාපතිවරුන් පස් දෙනෙකු, එක් මහ කොමසාරිස්වරයෙක් සහ එක් අමාත්‍යාංශ ලේකම්වරියක් පත්කිරීමට අදාළව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම අනුමැතිය ලබා දී ඇත්තේ පසුගිය ජූලි 24 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභා රැස්වීමේදීයි.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලද නම් පහත පරිදිය:
ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස – සුමදුරිකා ශෂිකලා ප්‍රේමවර්ධන මෙනවිය
බ්‍රසීල ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස – සී. ඒ චාමින්දා ඉනෝකා කොලොන්නේ මහත්මිය
මාලදිවයින් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස – මොහොමඩ් රිස්වි හසන් මහතා
තුර්කි ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස – එල්. ආර්. එම්. එන්. පී. ජී. බී. කදුරුගමුව මහතා
නේපාල ජනරජයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස – රුවන්ති දෙල්පිටිය මහත්මිය
දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස – මාරිමුත්තු කේ පද්මනාදන් මහතා
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස – ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනවිය
ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් රැස් වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට, කමිටුවේ සාමාජික අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, අනිල් ජයන්ත, නීතිඥ හර්ෂණ නානායක්කාර, උපාලි පන්නිලගේ, සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි, සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන්, නීතිඥ දයාසිරි ජයසේකර, ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.