දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ වැලිපැන්න පිවිසුම් අතර ප්‍රදේශයේදී අද (13) උදෑසන ලොරි රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබේ. මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ මාතර දෙසට ධාවනය වන මංතීරුවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබූ බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිදු පුද්ගලයෙකුට තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැති බව දක්ෂිණ අධිවේගී මාර්ග පාලක මැදිරිය තහවුරු කර ඇත. අනතුරට ලක්වූ වාහන මාර්ගයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව, මේ වන විට එම ප්‍රදේශයේ රථවාහන ධාවනය සාමාන්‍ය තත්ත්වයට පත් කර ඇති බව ද පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.