2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 13:35
නවතම පුවත්

ඉදිරි වසර 03 තුළ සෞඛ්‍ය සේවයේ ප්‍රවර්ධනයක්!

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව විප්ලවීය වෙනසකට ලක් කරමින්, මෙරට ජනගහනයෙන් ආසන්න වශයෙන් 10,000කට එක් ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මුල් අදියර යටතේ ඉදිරි වසර 3 තුළ දිවයින පුරා එවැනි මධ්‍යස්ථාන 2000ක් ස්ථාපිත කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.

මෙම දැවැන්ත වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින්, මෙම වසරේදී ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 100ක් පිහිටුවීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම එක් එක් මධ්‍යස්ථානය 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත වන අතර, ඉදිරියේදී සේවා සැපයීම ආරම්භ කිරීමට නියමිතය.

මෙරට ජනතාවට වර්තමානයේ සපයනු ලබන ප්‍රාථමික සෞඛ්‍ය සේවා වඩාත් ගුණාත්මක හා කාර්යක්ෂම සේවාවක් ලෙස ලබාදීම ප්‍රමුඛ අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය දියත් කර තිබේ. මුළු දිවයිනම ආවරණය වන පරිදි පිහිටුවීමට යෝජිත ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන (Primary Care Community Centre) ව්‍යාපෘතිය පිළිබඳව මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් (Public Health Nursing Officers – PHNO) දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (26) පැවැත්වුණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැති මෙම වැඩමුළුවේදී මෙම කරුණු අනාවරණය විය.

දැනුවත් කිරීමේ වැඩමුළුවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වැඩසටහන වර්තමානයේ මෙරට සෞඛ්‍ය සේවාව ඔසවා තැබීමට අත්‍යාවශ්‍ය ක්‍රියාවලියක් බවයි. මෙම ව්‍යාපෘතිය තුළින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් අපේක්ෂා කෙරේ.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories