හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු පස් කඳු ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව හැටන් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා පවසයි.
හැටන්, වටවල, දියගල සහ කළුගල යන ප්‍රදේශවලින් මෙලෙස පස් කඳු කඩා වැටී තිබුණි.
පෞද්ගලික හිමිකරුවන් විසින් විශාල බැකෝ යන්ත්‍ර යොදවා කඩිනමින් කටයුතු කරමින් එක් මංතීරුවක් විවෘත කරගැනීමට අවශ්‍ය පියවර ගනිමින් පවතී.
කෙසේ වෙතත්, මාර්ගයෙහි තවදුරටත් නාය යෑමක් සිදුවිය හැකිදැයි වඩාත් විමසිලිමත් විය යුතු බවට ද සඳහන් වේ.