ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය අද (ඔක්තෝබර් 16) නවදිල්ලියේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුවී තිබේ.
මෙම හමුවේදී දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළ බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය ‘X’ ගිණුමේ සටහනක් තබා ඇත්තේ, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරිය නවදිල්ලියේදී හමුවීමට ලැබීම සතුටට කරුණක් බවය.
“ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සහ අධ්‍යාපනය හා ධාරිතා වර්ධනය සඳහා අපගේ සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළා,” යනුවෙන් ද ඔහු සිය සටහනෙන් වැඩිදුරටත් සඳහන් කළේය.
ඔක්තෝබර් 18 වන දින දක්වා ඉන්දියාවේ රැඳී සිටින අග්‍රාමාත්‍ය අමරසූරිය, එම කාලය තුළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් කිහිපදෙනෙකු හමුවීමට නියමිතය.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍යවරිය හෙට පැවැත්වීමට නියමිත NDTV ලෝක සමුළුවේදී “අවිනිශ්චිත කාලවලදී මෙහෙයවීමේ වෙනසක්” යන මාතෘකාව යටතේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ද නියමිත බව වාර්තා වේ. තවද, ඇය අධ්‍යාපන හා තාක්ෂණ ක්ෂේත්රවල සහයෝගීතාවයේ මාර්ග ගවේෂණය කිරීම සඳහා දිල්ලි ඉන්දියානු තාක්ෂණ ආයතනය (IIT) සහ NITI Aayog වෙත ද යාමට නියමිතය.