පාකිස්තාන නාවික හමුදාවට අයත් Harbin Z-9 හෙලිකොප්ටරයක් මගින් ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව බේරා ගැනීම අද (01) සිදු කළා.
කොලොන්නාව, වැල්ලම්පිටිය, ගම්පහ යන ප්‍රදේශවල මුදා ගැනීමේ මෙහෙයුම් වල නිරත වෙමින් පුද්ගලයින් 04 දෙනෙකු බේරා ගෙන ආරක්ෂිත ස්ථාන කරා ගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.
අවතැන් වූ ජනතාව වෙත වියලි සලාක බෙදා දිම ද Harbin Z-9 හෙලිකොප්ටරය මගින් සිදු කරන බවයි වාර්තා වන්නේ.